Wednesday, November 25, 2009

සරුංගල් සිද්ධිය

සරැංගල් අරිනන කාලේ
හුලංවලට දෙසැම්බරේ
අඩි විස්සක් තිහක් දිගට
නයි හැදුවේ ඒකාලේ
අඩි විස්සක් තිහක් දිගට
නයි ඇරියේ ඒ කාලේ
අඩි පහ පොඩ්ඩක් පහුඋන
අඩි තුන හතරක් පලළට
සිරි අයියගෙ සරුංගලේ
උඩ ගියාට හිමින් සැරේ
කූරිය ගහනව දකුනට
වම් අත බර මදි වාගේ
වම පොඩ්ඩක් බර කරන්න
නුල ඔතමු ගනිං ලීය
උඩු හුලඟට .... ගන්න
කූරියා ගහනව දකුණට
ගැහුවා කණුවට කන්දේ
බෙල්ලේ කම්බිය වැදුනේ
නූල ඔතල ගනින් මෙහෙට
150යි බෝලේ

Friday, August 7, 2009

දිනන්න තවමත් කල් ඇත

එන්න සබඳ එකතු වෙන්න
කොහේ ගියත් ඉතින් එන්න
දස දිගින් නැගෙනෙ ඡල කඳ
පිලිගන්නට සැරසී දැන්
ඇට ලේ මස් නහර තුලට
ගලයි නුඹට වතුර පෙවී
රැක ගනු වටිනා ඡීවය
පීනන්නට කාලය දැන්
වැලි ඇටයක් විලස නුඹව
ගිලේවි නැති නම් පතුලට

ලේඛකයිනි කිවිඳුනි බල
විචාර කරනා මහතුනි
අද ඉපදෙන ඉතිහාසය
ලියන්න ඇර දෑස් පියන්
නැවත නුඹට නොලැබෙනු ඇත
අසුරු සැනක්, එක මොහොතක්.
කාහල නාදය පුරන්න
එපා, මදක් රැඳී ඉන්න
රෝදය කැරකෙන තුරාව
මදකට නුඹ රැඳී ඉන්න
අද රදින අයවලුන්ට
දිනන්න තවමත් කල් ඇත.

Thursday, August 6, 2009

ඊයේ අද සහ හෙට

නුඹට මමත් මට නුඹවත්
සිටින ඉමක් කොතැනකදෝ
සොයනා කල මග වැරදී
ඒ ලියුවේ
අනාගතයේ
ඉතිහාසය නොවේදෝ

කුරුටු ගීතිකා sms
වචන සඳලුතල හදලා
මේ සඳ පෑයූ නිල් අහසම යටදී
මේ ලියන්නේ
අනාගතයේ
ඉතිහාසය නොවේදෝ

පිසදා වලාකුලෙන් ඔබ දෙකොපුල්
පා කර අහසේ ඈතට
පෙර දා කිලිටි ඉඳුල්
ලියන්න ඇත්තේ
අනාගතයේ
ඉතිහාසය නොවේදෝ

Monday, July 27, 2009

හඬනු එපා සිනාසෙනුව

අව පැහැ ගත් පත්තර මිටි
සමඟ බරට විකිනීමට
සිදුවුනි නම් ඔබේ කවිය
හඬනු එපා සිනාසෙනුව

වංචාකර අකුරු වලට
ටොන් ගනනක් කිලෝ දෙකට
පත්තර ටික ගෙන යද්දී
හඬනු එපා සිනාසෙනුව

පොලු වලින් තලා පෙලමින්
ඊයම් ගුලි ගත දවමින්
අකුරු හටන මැඩලද්දී
හඬනු එපා සිනාසෙනුව

උගත් විචාරන මහතුන්
රැල්ල එක්ක කඩේ යද්දි
ඉවතට විසිවුනු කවි හා
හඬනු එපා සිනාසෙනුව

කොලඹින් සයබර් අහසට
විදින හීයේ පැටලීලා
බූන්දියක් කටේ ඔබන්
හඬනු එපා, සිනාසෙනුව

Visit boondi.lk

හීනය

වලා අඳුරේ ඇඳුනු රේඛා
රිදී පාටින් සිතට ගත් දා
අඳුර මා වෙත රැඳුන පෙරදා
සිහින හුයකින් නුඹට බැන්ඳා

උඳුවප් හීතල ගතේ වෙලිලා
හමන සුලඟින් සුසර ගත්තා
සිරිපොදින් පත් තාල වයනා
තුරු සෙමින් නුඹ සමඟ වැනුනා

වලා සලු අහසේ රැඟුම් පා
චන්දකින්නර රැඟුම වැසුනා
සිහින සඳකැන් නොලද ගංඟා
තවම නුඹගේ තනුව වයනා

Friday, February 6, 2009

සර-සුල-මුල

සියලු සිත් සන්තාන
කරවමින් අනුනාද
හදවිලම කලතමින්
කරයි නුඹ නින්නාද...

Penetrate through me



I’m not the person, who you

Just see through eyes

I’m not with socialism no

In the capital class

I have no patience for you

But in my mind

I have great patience in mind

Which can’t control

I have no dreams to come through

All became stained

I’m not an eternal man

Here I’m dying

I have something to show you

It’s on your way

I have something to show you

It’s in my eyes

22-12-2008